ඉන්ධන ලබාගැනීමට පෝලිමට පිටින් පැමිණෙන කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බව, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, සමහර රියදුරන් පෝලිමට පිටින් ඉන්ධන ලබාගැනීමට යෑමේදී කලබලකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවය.
එමනිසා පෝලිමෙන් පිට එන කිසිවෙකුටත් ඉන්ධන ලබානොදෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ පොලීසිය දැනුවත් කර ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා කියා සිටියේය.
සමහර යතුරුපැදිකරුවන් පදිකවේදිකාවේ සිටීම හේතුවෙන් පදිකයින් දැඩි අසීරුතාවයට පත්ව ඇති අතර, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය යොදවා ඇති බවය.
සියලුම රියදුරන් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මෙහිදී වැඩිදුරටත් පැවසීය.

