ඉන්දියාවේ සැඟව සිටි අපරාධකරුවෙක් දිවයිනට රැගෙන එයි

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

අධිකරණ කටයුතු මගහැර නීති විරෝධීව ඉන්දියාවට පැනගොස් සිටි ලියාපදිංචි අපරාධකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මන්දලගල බෝඹුගලගේ සුමිත් ප්‍රියන්ත නමැති අදාළ අපරාධකරු මෙලෙස ඊයේ (12) රාත්‍රියේ මෙරටට රැගෙනවිත් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

ඔහු කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම ඇතුළු චෝදනා රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.