සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන විස්සයි විස්ස තරඟයේ ජය ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 228ක් රැස් කළා. එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සූර්ය කුමාර් යාදව් ලකුණු 112 ද, ශූබ්මාන් ගිල් ලකුණු 46 ක්ද රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මධුසංඛ කඩුළු 02ක් ද, වනිඳු හසරංග, චාමික කරුණාරත්න සහ කසුන් රාජිත කඩුළු එක බැගින් ද බිඳ දැම්මා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 137 පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 23ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 23ක්ද රැස් කළා. පන්දු යැවීමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යුස්වේන්ද්‍ර චහල් සහ නායක හර්දික් පාන්ඩයා සහ උමරන් මලික් කඩුළු 02ක බැගින් බිඳ දැමූ අතර අර්ෂදීප් සිංග් කඩුළු 03ක් බිඳ දැම්මා. ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 91ක ජයක් ලැබුණු අතර ඔවුන් තරඟාවලිය 2-1ක් ලෙසද ජයග්‍රහණය කළා.
ඉන්දියානු කණ්ඩායම තරඟාවලිය ජයගනී
-
T20 ලෝක කුසලානයෙන් කමින්ස් හා ස්මිත් ඉවතට….
Read more >> -
කමිඳු මෙන්ඩිස් විස්සයි20 ලෝක කුසලාන සංචිතයට?
Read more >> -
ජාතික බොක්සිං ශූරතාවලියේ ඇතිවූ සිද්ධිය ගැන කරුණු පැහැදිලි කිරීමක්….
Read more >> -
IPL විකාශනය බංග්ලාදේශය තුළ තහනම්….
Read more >> -
T20 ලෝක කුසලානයේ බංග්ලාදේශ තරග පැවැත්වෙන තැන් ගැන ICCයෙන් දැනුම්දීමක්….
Read more >> -
වික්‍රම් රතෝර් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස පත් කිරීමට තීරණයක්….
Read more >> -
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්….
Read more >> -
පැතුම් නිස්සංක ඉන්දීය රුපියල් කෝටි 4කට අලෙවි වෙයි…
Read more >> -
2025 ආසියානු සත්සාමාජික රග්බි තරගාවලිය – ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට…..
Read more >> -
ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී….
Read more >>

