ආසියානු කුසලාන අවසන් තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක්

sri-lanka-police-logo

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ඛෙත්තාරාම ක්‍රීඩා පිටිය ආසන්නයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

තරගය නැරඹීම සඳහා වාහනවලින් පැමිණෙන පුද්ගලයින් ඛෙත්තාරාම මංසන්ධියේ දී වාහනවලින් බැසීමට සිදුවන බවත් ඉන්පසුව අදාළ ස්ථානවල රථගාල් 10 ක් පමණ ඇති අතර මෙම රථගාල්වල වාහන නතරකිරීමේ හැකියාව ඇති බවයි ඔහු සඳහන් කළේ.

අදාළ රථගාල්වල කිසිඳු මුදලක් අය නොකරන බවත් තැරැව්කරුවන්ටද මුදල් ලබාදීමෙන් වළකින ලෙසයි පොලීසිය මහජනතාවට දැනුම්දෙන්නේ.

තරගය නැරඹීම සඳහා වීදුරු වතුර බෝතල්, ගිනිපෙට්ටි, නලා, පෝස්ටර්, ලයිටර් හෝ ගෑස් අඩංගු දෑ සහ ආරක්ෂාවට බාධා වන කිසිදු දෙයක් ගෙනයාමට නොහැකි බවත් හෙල්මට් හෝ ජැකට් ගෙනයාමේ හැකියාවක් නොමැති නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි වැඩිදුරටත් දැනුම්දෙන්නේ.