ආපදා මෙහෙයුම් අතරතුර යුද හමුදා භටපිරිස් සුන්බුන් අතරින් සොයාගත් මුදල් සහ රන් භාණ්ඩ හිමිකරුට භාරදී තිබේ.
හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ආපදා සහන රාජකාරියේ නිරත යුද හමුදා භටපිරිස් තවදුරටත් සිදුකරන සෝදිසි මෙහෙයුම් අතරතුර රුපියල් 300,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොයාගැනීමට සමත්ව ඇත.
නායයෑම හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසේ සුන්බුන් අතර තිබූ එම භාණ්ඩ සහ මුදල් ඊයේ (14) දින අදාළ හිමිකරු වෙත ආරක්ෂාකාරීව යුද හමුදා භටපිරිස් විසින් භාරදී තිබේ.

