අසල්වැසි නිවසට පැන රු. 1,95000 ක් සොරකම් කළ 21 හැවිරිදි තරුණිය පොලිස් දැලේ….

News Iamges.00_00_03_03.Still613

හැටන් පොලිස් වසමට අයත් හැටන් ඇබෝස්ලි වතුයායේ
නිවසක කිසිවෙක් නොමැති විටකදී එම නිවසට පැන
රුපියල් 1,95000 ක් සොරකම් කළ එම ප්‍රදේශයේම පදිංචි 21
හැවිරිදි තරුණියක් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට
ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය 2025.09.18 වන දින
බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිදු වූ බව හැටන් පොලිසිය වැඩිදුරටත්
පැවසීය.
හැටන් පොලිසිය සිදුකල මූලික විමර්ශනවලින් අනාවරණය
වී ඇත්තේ ඇබෝස්ලි වතුයායේ පදිංචි තරුණිය
අසල්වැසියෙකුගේ නිවසට පැන එම නිවසේ අල්මාරියේ
පෙට්ටි දෙකක තබා තිබූ රුපියල් 95,000/= මුදල් පෙට්ටි
සමඟ රැගෙන ගොස් ඉතිරි රුපියල් 100,000/= ක මුදල
පෙට්ටිය තුළම තිබූ ඒ.ටී.එම් කාඩ් පත හරහා හැටන්
ප්‍රදේශයේ ලංකා බැංකුවේ ATM යන්ත්‍රයෙන් ලබාගෙන මුදල්
තබා තිබූ පෙට්ටි තේ වන්දට විසි කර ඇති බවයි.
මුදල්වල හිමිකරු හිමිකරු සොරකම් කිරීමේ සිද්ධිය
සම්බන්ධව හැටන් පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලකට

අනුව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට හැටන් පොලිසියෙ
අපරාධ විමර්ශන අංශය කටයුතු කරර තිබේ
පැමිණිල්ල මත පරීක්ෂණ ආරම්භ කළ හැටන් පොලිසිය
ඒ.ටී.එම් යන්ත්‍රයෙන් මුදල් ලබා ගන්නා සිසි ටීවී දර්ශන
උපයෝගීකරගනිමින් සැකකාරිය (18) දින අත්අඩංගුවට
ගෙන සැකකරියගෙන් මුදල් ආපසු ලබාගෙන තිබේ.
සැකකාරය අත්අඩංගුවට ගැනීමේ විමර්ශන මෙහෙයුම
හැටන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස්
පරීක්ෂක නිශාන්තර සිල්වා මහතාගේ නායකත්වයෙන්
පොලිස් සැරයෙන් 31110 විතානගේ , පොලිස් කොස්තාපල්
8638 ශෂි කමාර් , පොලිස් කොස්තාපල් 78385 බස්නායක ,
පොලිස් කොස්තාපල් 102750 රමේෂ් , කාන්තා පොලිස්
කොස්තාපල් 12742 සමුද්‍රා යන නිලධාරීන් කටයුතු කර තිබේ
,
අත්අඩංගුවට ගත් සැකකාරිය හැටන් ප්‍රදේශයේ පෞද්ගලික
සමාගමක සේවය කරන බව ද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අද (19) හැටන්
මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය
පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර
පරීක්ෂණ පවත්වයි.

නුවරඑළිය – ආර්.එෆ්.එම්.සුහෙල්