ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය ආකාරයට කටයුතු සිද්ධ වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා පවසනවා.
ඒ අනුව, ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්ව සිටින්නේ කිසියම් කණ්ඩායමක් පමණක් බවයි අද (01) පෙරවරුවේ සභාපතිවරයා පවසා සිටියේ.
අද උදෑසන වන විට CPC ආයතනයට මුදල් ගෙවා ඉන්ධන තොග 1696ක් ඇණවුම් කර තිබෙන බවත්, එසේම, IOC සඳහා 471ක්, Sinopec සඳහා 391ක් සහ RM Park සඳහා 366ක් ආදී ලෙස මුළු ඉන්ධන තොග 2924ක් සාමාන්‍ය පරිදි බෙදා හරිමින් පවතින බවද සඳහන්.යම් කණ්ඩායමක් විසින් අනවශ්‍ය ලෙස මාධ්‍ය හරහා කළබලයක් ඇති කිරීම නිසා මහජනතාව බිය වී ඉන්ධන පෝලිම් ඇති වී ඇති බවත්, මෙම කරුණ ගැන සාකච්ඡා කිරීම සඳහා ලබන අඟහරුවාදා දින සවස 2.00ට අදාළ පාර්ශ්ව කැඳවන බවත් ඔහු සඳහන් කළා.
මේ අනුව ගත්විට, ඉන්ධන ගැටළුවක් ඇතිවීමට කිසිදු හේතුවක් නොමැති බවත්, රටේ ජනතාවට කලබල වීමට හේතුවක් නොමැති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා වැඩිදුරටත් පවසා සිටියේ.

