අතුරුගිරිය වෙඩිතැබීම​ට සම්බන්ධ පාපොච්චාරණයක් මාධ්‍යයට මුදාහැරීම පිළිබඳව විමර්ශනයක්

athurugiriya-cid

අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණය පොලිස්පති නියෝගවලට පටහැනිව මාධ්‍යයට මුදාහැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීම සඳහා එම වාර්තාව ලබාදෙන ලෙසයි කොමිසම නියෝග කර ඇත්තේ.

සති දෙකක් තුළ වාර්තාවක් ලබා දිය යුතු බවද අදාළ නියෝගයේ සඳහන් වන බවයි වාර්තා වන්නේ.