සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 164 ක් පමණයි.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 89 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 37 ක් හා නිෂාන් මදුෂ්ක ලකුණු 19 ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 5 සීමාව හෝ ඉක්මවා යෑමට නොහැකි වුණා.
පන්දු යැවීමේදී Matt Henry හා Michael Bracewell කඩුලු 3 බැඟින් හා Tim Southee, Doug Bracewell හා Blair Tickner එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මේ වන විට ශ්රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 416 ක් ඉදිරියෙන් පසුවනවා.

