ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 355 ක් ලබා ගැනීමට සමත් වුණා. ඊයේ දිනයේදී කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 50 ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක්, ධනංජය ද සිල්වා ලකුණු 46 ක් හා කසුන් රාජිත ලකුණු 22 ක් ලබා ගැනීමට සමත් වුණා. මේ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 50 ක් ලබා සිටිනවා.
ලකුණු පුවරුව පහතින්,



