ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 302 ක් ලබා ගැනිමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 284 ක් ඉදිරියෙන් පසුවනවා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 17 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 14 ක්, ඇන්ජලෝ මැතිවුස් ලකුණු 115 ක්, ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 42 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් Blair Tickner කඩුලු 4 ක්, Matt Henry කඩුලු 3 ක් හා Tim Southee කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

