SL vs ZIM : ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

srilanka-cricket

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

මේ වන විට කොළඹ දී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී තේරීම් කමිටු සභාපති උපුල් තරංග විසින් එම සංචිතය නිල වශයෙන් නිවේදනය කළා.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උප නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් කර ඇති අතර මීට පෙර නම් කෙරුණු මූලික එක්දින සංචිතයට ඇතුළත්ව සිටි චාමික කරුණාරත්න, චාමික ගුණසේකර, අසිත ප්‍රනාන්දු හා කමිඳු මෙන්ඩිස් අවසන් සංචිතය සදහා නම් කර නොමැති බවයි සඳහන් වන්නේ.

හිටපු නායන දසුන් ශානක එක්දින සංචිතය සදහා නම් කර ඇති අතර, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ හා සහන් ආරච්චිගේ වැනි ක්‍රීඩකයින් එක්දින සංචිතයට කැඳවීමට නව තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

වනිඳු හසරංග සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණක් තරගාවලිය සදහා ක්‍රීඩා කරන බවයි උපුල් තරංග වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අදාළ සංචිතය පහතින්

659533e23df24