සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (06) ආරම්භ වනවා.
ඒ අනුව එහි පළමු තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස අද පස්වරු 02.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම කුසල් මෙන්ඩිස් විසින් මෙහෙයවනු ලබන අතර, සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රෙග් අර්වින් විසින් මෙහෙයවනවා.
සිම්බාබ්වේ තරගාවලිය එක්දින තරග 03කින් සහ 20-20 තරග 03කින් සමන්විතයි.

