ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි (27).
ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 5කට ලකුණු 576ක් ලබා තිබියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
පන්දුවට පහරදීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Abdullah Shafique ලකුණු 201 ක් හා Agha Salman නොදැවී ලකුණු 132 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් බිඳ හෙළිමට සමත් වුනා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.
ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 410 ක් ලබාගත යුතු වනවා.

