SL vs PAK: පාකිස්ථානයට ලකුණු 345 ක ඉලක්කයක්

world-cup-srilanka-vs-parkistan

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අටවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 344 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 122 ක්, පැතුම් නිස්සංක ලකුණු 51 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 108 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Hasan Ali කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායම හිමිවී ඇති ඉලක්කය ලකුණු 345 ක්.