SL vs NED : ශ්‍රී ලංකාවට ලකුණු 263 ක ඉලක්කයක්

srilanka-cricket-team-nn

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 19 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායමට අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 49 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 262 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Sybrand Engelbrecht ලකුණු 70 ක් හා Logan van Beek ලකුණු 59 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මදුෂංක කඩුලු 4 ක් කසුන් රාජිත කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණ.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 263 ක්.