2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 14 වන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම 18 වන පන්දුවාරයේදී කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 100 ලබා සිටිනවා.
පන්දුවට පහරදෙමින් සිටින කුසල් ජනත් පෙරේරා ලකුණු 45 ක් හා පැතුම් නිස්සංක ලකුණු 47 ක් ලබා සිටිනවා.

