මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට තරයේ විරුද්ධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසනවා.
ඒ අනුව විපක්ෂ මන්ත්‍රීවරුන් ලෙස රජය ගෙන එන එම යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කරන බවයි අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මේ වන විට ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන වී ඇත්තේ නාමමාත්‍රිකව පමණක් බවත් සියලුම ස්වාධීන කොමිෂන් සභා සඳහා විධායකය මැදිහත්වීම් සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් වැඩිදුරටත් සඳහන් කළේ.

