කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (14) දිනයේ දී වාර්තා වුණි.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 46.83කින් පහළ ගොස් ඒකක 19,928.67ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 35.06කින් පහළ ගොස් ඒකක 5,780.58ක් ලෙසින් වාර්තා විය.
මිල දර්ශකවල පහළ යාමට හේලීස්, සම්පත් බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, කාර්ගිල්ස් සහ NDB යන සමාගම්වල කොටස් මිල පහළ යාම් ප්‍රධාන වශයෙන් බලපාන ලදී. ඒ ඇතුළුව සමාගම් 123ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව අද දින පහළ ගොස් තිබේ.
මිල ඉහළ ගිය සමාගම් සංඛ්‍යාව 98ක් ලෙසින් වාර්තා වන අතර PickMe සහ Co-operative Insurance Company PLC සමාගම් සියලු කොටස් මිල දර්ශකයට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දීමට සමත්විය.
අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 7 සීමාව ඉක්මවූ අතර එය රු. බිලියන 7.08ක් ලෙසින් සටහන්ව තිබුණි.
එහිදී කැපීපෙනුනු කාරණය වූයේ DIGITAL MOBILITY SOLUTIONS LANKA PLC හෙවත් PickMe සමාගමේ හි කොටස් ගනුදෙනුවල ඉහළ සක්‍රීයභාවයක් දක්නට ලැබීමයි. අද දිනය PickMe කොටස් මිල 16.31% කින් ඉහළ ගොස් තිබුණු අතර දෛනික පිරිවැටුමට ඉහළම දායකත්වය ලබා දෙමින් රු. බිලියන 1.4ක වටිනාකමකින් යුතු කොටස් හුවමාරු වී තිබුණි. එහිදී සාමාන්‍ය ගනුදෙනු හරහා රු. මිලියන 932ක හා ගිවිසාගනු ලැබූ ගනුදෙනු හරහා රු. මිලියන 452ක වටිනාකමකින් යුතු PickMe කොටස් දින තුළ ගනුදෙනු වී ඇත.

