MTFE නමින් පවත්වාගෙන ගිය ආයතන හතරක් තහනම් පිරමීඩ යෝජනා ක්රම පවත්වා ගෙන ගිය ආයතන බවට ශ්රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව MTFE App, MTFE SL Group, MTFE Success Lanka (Pvt) Ltd සහ MTFE DSCC Group (Pvt) Ltd යන ආයතන මෙරට පවත්වාගෙන ගිය තහනම් පිරමීඩ යෝජනා ක්රම ලැයිස්තුවට මහ බැංකුව විසින් ඇතුළත් කර තිබෙනවා.
තහනම් කරන ලද ආකාරයේ පීරමීඩ යෝජනා ක්රම ආරම්භ කිරීම, පිරිනැමීම, ප්රවර්ධනය, ප්රචාරණය, මෙහෙයවීම හෝ ඊට සහභාගී වීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද මහ බැංකුව මහජනතාව වෙත නිවේදනය කරනවා.
අදාළ නිවේදනය පහතින්.


