LPL 2023: B-Love Kandy කණ්ඩායමට කඩුලු 7 ක ජයක්

lpl-2023-new-thumb

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B-Love Kandy කණ්ඩායම හා Dambulla Aura කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 61 ක් හා අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 32 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් Mujeeb Ur Rahman හා ඉසුරු උදාන කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ B-Love Kandy කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු තුනක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
පන්දුවට පහරදීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 48 ක්, Fakhar Zaman ලකුණු 28 ක් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 28 ක් ලබා ගත්තා.