2023 ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ B-Love Kandy කණ්ඩායම හා Colombo Strikers කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් Babar Azam ලකුණු 59 ක්, නුවනිඳු ප්රනාන්දු ලකුණු 28 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ B-Love Kandy කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 130 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී B-Love Kandy කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 3 ක්, Naseem Shah හා ජෙෆරි වෙන්ඩෙසේ කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
මේ අතර ඊයේ දිනයේ ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතර පැවති තරගය සුපිරි පන්දුවාරයෙන් ජය ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.

