IPL 2023: මුම්බායි ඉන්දියන්ස් පරදා ගුජරාට් ටයිටන්ස් අවසන් තරගයට

mivsgt

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරඟය ඊයේ (26) පැවැත්වුණා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 03ක් පමණක් දැවී ලකුණු 233ක් රැස් කළා. එහිදී ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ ශුබ්මාන් ගිල් ලකුණු 129ක් සහ සායි ශුදර්ශන් ලකුණු 43ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ආකාශ් මද්වාල් සහ චව්ලා කඩුල්ල බැගින් බිඳ දැම්මා.

පිළිතුරු ඉනිම දියත් කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 02ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 171ක් පමණයි. එහිදී මුම්බායි ඉන්දියන් වෙනුවෙන් සූර්යකුමාර් යාදව් ලකුණු 61ක් සහ තිලක් වර්මා ලකුණු 43ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ගුජරාට් ටයිටන්ස් වෙනුවෙන් මො‍්හිත් ෂර්මා කඩුළු 05ක් බිඳ දැම්මා.

ඒ අනුව චෙන්නායි සුපර් කිංග්ස් සමඟ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හෙට (27) ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් තරඟ සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.