රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධතා පැවැත්වීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව සැප්තැම්බර් 14 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පැමිණෙන විට විරෝධතා තීව්‍ර කරන බවයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.
වෘත්තීකයින්ගේ ඉවසීම වැරදි ලෙස පාවිච්චි කර ප්‍රශ්න විසඳීමකින් තොරව ඒවා යට ගැසීමට කටයුතු කරන්නේ නම් වෘත්තීයවේදීන් එයට ඉඩ ලබා නොදෙන බවයි ඔහු සඳහන් කළේ.

