ICC Women’s T20 World Cup : ඔස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්

austrelia-women

කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 10 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි.

නායිකා චමරි අතපත්තු ලකුණු 16 කට දැවී ගිය අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 34 ක් හා විශ්මි ගුණරත්න ලකුණු 24 ක් ලබා ගත්තා. නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 15 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 15.5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 113 ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.