ICC ලෝක ක්රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 243 ක් පමණයි.
පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 4 ක්, දුෂාන් හේමන්ත කඩුලු 2 ක්, දිල්ෂාන් මදුෂංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Keacy Carty ලකුණු 87 ක් හා Johnson Charles ලකුණු 39 ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 244 ක්.
ලකුණු පුවරුව පහතින්.


