2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ 28 වැනි තරගයෙන් ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු 4 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 277 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 42.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.
Bas de Leede පන්දු 92 කින් ලකුණු 123 ක් රැස් කරමින් සිය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය කරා රැගෙන යාමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 7 ක් ඇතුළත් වුණා.
ඒ අනුව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව සමගින් තරග වදින්නේ නෙදර්ලන්ත කණ්ඩායමයි.

