2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 44 වන තරගය එංගලන්ත කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 50 ක් තුළදී කඩුලු 9 ක් දැවී ලකුණු 337 ක් ලබාගත්තා.
පන්දුවට පහරදීමේදී Ben Stokes ලකුණු 84ක්, Joe Root ලකුණු 60 ක් හා Jonny Bairstow ලකුණු 59 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Haris Rauf කඩුලු 3 ක් ද, Shaheen Shah Afridi හා Mohammad Wasim කඩුලු 2 බැගින් ද බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා පාකිස්ථාන කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 338 ක්.

