ICC CWC 2023 : ඕස්ට්‍රේලියාවට කඩුළු 8 ක පහසු ජයක්

ICC CWC 2023

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව හා බංගලාදේශ කණ්ඩායම අතර පැවති මූලික වටයේ 43 වන තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංගලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 50 ක් තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 306 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී Towhid Hridoy ලකුණු 74ක්, Najmul Hossain Shanto ලකුණු 45 ක් හා Litton Das, Tanzid Hasan දෙදෙනා ලකුණු 36 බැගින්ද ලබාගත්තා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Sean Abbott හා Adam Zampa කඩුලු 2 බැගින්ද, Marcus Stoinis එක් කඩුල්ලක්ද බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 44.4 ක් තුළ කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 307 ක ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

Mitchell Marsh නොදැවී අගනා ලකුණු 177 ක් ලබාගත් අතර, David Warner ලකුණු 53 ක් හා Steven Smith නොදැවී ලකුණු 63 ක් ලබාගත්තා.