මලල ක්‍රීඩා නිලවරණය පැවැත්වෙන දිනය ගැන තීරණය හෙට….

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හෙට (18)  දැනුම්දෙනු ඇති බවය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය හෙට දිනයේදී පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සැලසුම් කර තිබුණි.

මෙම නිලවරණය සම්බන්ධයෙන් අභියාචනා 04ක් ඉදිරිපත්වී ඇති අතර, එම අභියාචනා පිළබදව සිදුකළ විභාගයෙන් අනතුරුව එක් අභියාචනයක් පිළිගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාල ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට නීත්‍යානුකූලව නොහැකි බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

ඩොනල්ඩ් බ්‍රැඩ්මන් 99.94න් නැවතී අදට වසර 77යි….

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා ලෙස අවිවාදයෙන් පිළිගත හැකි ක්‍රීඩකයා වන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පිතිකරණ සාමාන්‍ය සියයට 100ක් කරගැනීමට නොහැකි වූ එම තීරණාත්මක තරගය පැවැත් වී අදට (14) වසර 77ක් සම්පූර්ණ විය.

1948 වසරේ දී අදවන් දිනක ඔහු එංගලන්තයට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් තරගය ක්‍රීඩා කළේය.

ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ දී ඔහුගේ පිතිකරණ සාමාන්‍ය සියයට 100ක් කරගැනීමට ලකුණු 4ක් පමණක් අවශ්‍ය වී තිබුණි.

කෙසේ නමුත් එම ඓතිහාසික තරගයේ දී පන්දු 2කට පමණක් මුහුණදුන් බ්‍රැඩ්මන්, විලියම් එරික් හොලීස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැඳී ලකුණු නොලබාම පිටියෙන් ඉවත්ව ගියේය.

මෙම තරගයෙන් ඔස්ට්‍රේලියාව ඉනිමකින් හා ලකුණු 149ක දැවැන්ත ජයක් ලැබීම හේතුවෙන් ඔහුට දෙවනවරට පන්දුවට පහරදීමේ අවස්ථාවක්ද නොලැබුණි.

ඒ හේතුවෙන් ඔහුගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍ය  99.94 සීමාවෙන් නැවතුණි.

බ්‍රැඩ්මන්ගෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සචින් ටෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, කුමාර් සංගක්කාර වැනි ලෝක පූජිත පිතිකරුවන් බිහි වුවද, ඒ කිසිවෙකුට හෝ බ්‍රැඩ්මන්ගේ පිතිකරණ සාමාන්‍යයට ළඟවීමට හෝ නොහැකි වී ඇත.

1928 වසරේ දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් බ්‍රැඩ්මන් 1948 වසරේ දී ක්‍රීඩාවෙන් සමුගන්නා විට ලකුණු 6,996ක් රැස්කරගෙන සිටියේය.

ඊට ශතක 29ක් හා අර්ධ ශතක 13ක් ඇතුළත්ය.

ටෙස්ට් පිතිකරණ වාර්තා අනුව කමිඳු මෙන්ඩිස් ලෝක ක්‍රිකට් පිටියේ දෙවන හොඳම සාමාන්‍යයක් (62.66) ඇති පිතිකරුවා වන අතර, තෙවන ස්ථානයේ ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු ඇඩම් වෝගස් (61.87) රැඳී සිටියි.

කුමාර් සංගක්කාර (57.40) මෙහි 13වන ස්ථානයේද, සචින් තෙන්ඩුල්කාර් (53.78) හා බ්‍රයන් ලාරා (52.88) පිළිවෙළින් මෙහි 25වන හා 26වන ස්ථානයන්හි රැඳී සිටියි.

ශ්‍රී ලංකා රග්බි ⁣යෞවනයෝ අවසන් මහා තරගයට…

ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සමත් විය.

ඒ අද උදෑසන පැවති අවසන් පූර්ව වටයෙන් චීනය ලකුණු 26-17ක් ලෙස පරාජයට පත් කරමින්.

UAE පරදා ශ්‍රී ලංකා රග්බි යෞවනයන්ට තියුණු ජයක්….

වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අද (09) පැවැති එක්සත් අරාබි එමීර් (UAE) රාජ්‍යයට එරෙහි තරගයද ලකුණු 26-24ක් ලෙස තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩා කළ සියලුම තරග ජයගෙන අපරාජිතව A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අත්පත් කරගෙන සිටියි.

අද පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං ලකුණු 19-24ක් ලෙස පරාජය කළේය.

ඉන් අනතුරුව සත්කාරක ඉන්දීය කණ්ඩායමද ලකුණු 24-05ක් ලෙස පහසුවෙන් පරාජය කළේය.

මෙම තරගාවලිය ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැවැත්වේ.

යෙවාන් ඩේවිඩ් අලුත් ඉතිහාසයක් අරඹයි……

ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලනය (FIA) විසින් සංවිධානය කරන ෆෝමියුලා තරගාවලියක තෙවන අදියරක් (Formula 3) නියෝජනය කිරීමට සුදුසුකම් පළමු ශ්‍රී ලාංකික රියදුරා බවට 18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් පත්ව  තිබේ.

ඔහු මේ වනවිට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරගවදින අතර, එහිදී මේ දක්වා ජයග්‍රහණ හතරකට හිමිකම් කියයි.

එමෙන්ම 2024 දී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතාවලි සඳහා ද තරග වැදී තිබේ.

F3 අදියරට උසස්වීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තම රටෙන් ශූරතාවලියට තරග කරන පළමු රියදුරු වීම ගැන ආඩම්බර වන බවත්, අවස්ථාව ලැබීම ගැන කෘතඥ වන බවත්ය.

2026 වාරය සඳහා AIX රේසිං සමග අත්සන් කිරීමට ලැබීම හේතුවෙන් යොවාන්ට මෙලෙස FIA ෆෝමියුලා 3 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබේ.

පාකිස්තාන – අයර්ලන්ත ක්‍රිකට් තරගාවලිය වසර 2කට කල්යයි

පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන – අයර්ලන්ත ක්‍රිකට් තරගාවලිය 2027 වසර දක්වා කල් දැමීමට සිදුව තිබේ.

තරග කාලසටහන්වල ගැටලුවක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

විස්සයි විස්ස තරග තුනකින් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලිය සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී පැවැත්වීමට නියමිතව තිබුණි.

අයර්ලන්ත කණ්ඩායමේ පළමු පාකිස්තා තරග සංචාරය ලෙස පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට අදාළ සැලසුම් 2024 වසරේ දී ප්‍රකාශයට පත් කර තිබූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

2028 ඔලිම්පික් ක්‍රිකට් සිහිනය ශ්‍රී ලංකාවට බොද වෙයිද ?

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව ඇතුළු ICC පූර්ණ සමාජික රටවල් කිහිපයකටම අහිමි වනු ඇතැයි වාර්තා වේ.

එළැඹෙන ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කණ්ඩායම් 6කට අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව මහාද්වීපික සුදුසුකම් ක්‍රමයක් මත එක් එක් කලාපයේ ඉහළම ශ්‍රේණිගත කිරිමේ හි සිටින කණ්ඩායමට එම අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.

එසේ වුවහොත් ආසියාවෙන් ඉන්දියාව, ඕෂනියාවෙන් ඔස්ට්‍රේලියාව, යුරෝපයෙන් එංගලන්තය, අප්‍රිකාවෙන් දකුණු අප්‍රිකාවට එම අවස්ථාව හිමිවනු ඇත.

ඉතිරි කණ්ඩායම් ද්විත්වයෙන් එකක් සත්කාරක අමෙරිකාවට හෝ කැරිබියන් දූපත්වලින් එක් රටකට හිමිවනු ඇත.

මේ හේතුවෙන් සියවසකට වැඩි කාලයකට පසු ඔලිම්පික් උළෙලට පැමිණෙන ක්‍රිකට් ක්‍රීඩාව” ශ්‍රී ලංකාව, පාකිස්තානය, නවසීලන්තය වැනි පූර්ණ සාමාජිකයින්ට අහිමි වනු ඇති බව වාර්තා වේ.

අවසන් වරට ඔලිම්පික් උළෙලකට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වී තිබුණේ 1900 පැරිස් ඔලිම්පික් උළෙලටය.

2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග එම වසරේ ජූලි 12 සහ 29 කාලසීමාවේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහි කාන්තා ඉසව්වක්ද පැවැත්වෙන අතර, ඒ සඳහාද කණ්ඩායම් 6කට අවස්ථාව සලසා දී ඇත.

තරග විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වේ.

SL vs BAN 1st TEST : තෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 368/4

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අද (19) අවසන් වුණා.

එහිදී සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 368 ක් ලබා සිටිනවා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක විශිෂ්ට ලෙසින් ලකුණු 187 ක් ලබාගත් අතර අද දිනයේදී ඔහු තම ටෙස්ට් ලකුණු 1000 සීමාව ද ඉක්මවා යාමට සමත් වුනා.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 54 ක් ලබාගත් අතර, සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Hasan Mahmud, Taijul Islam, Nayeem Hasan හා Mominul Haque එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 495 ක් ලබාගත් අතර, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 127 ක් පිටුපසින් පසුවනවා.

තරගයේ සිව්වන දිනය හෙට (20) පැවැත්වීමට නියමිතයි.

ICC’s anti-corruption chief says no record of any letter on match-fixing from ex-Sports Minister

ICC Anti-Corruption Unit General Manager Alex Marshall has responded to allegations of corruption with regards to the ICC Men’s Cricket World Cup 2011 final.

He stated that the ICC Integrity Unit has looked into the recent allegations regarding the ICC Men’s Cricket World Cup Final 2011 and that they have not been presented with any evidence to support the claims.

“At this time, we have not been presented with any evidence that supports the claims made or which would merit launching an investigation under the ICC Anti-Corruption Code.”

”There is no record of any letter regarding this matter sent by the then Sri Lanka Sports Minister to the ICC and senior ICC staff at the time have confirmed they have no recollection of receiving any such letter which would have led to an investigation.”

“We have no reason to doubt the integrity of the ICC Men’s Cricket World Cup Final 2011,” he said.

“We take all allegations of this nature extremely seriously and should we receive any evidence to corroborate the claims, we will review our current position.

“If anyone has any evidence that this match or any other has been subject to match-fixing, we would urge them to get in contact with the ICC Integrity team.”

21 සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රීඩකයා මුරලි

ලොව වැඩිම ටෙස්ට් කඩුළු ලාභියා වන මුත්තයියා මුරලිදරන් 21 වන සියවසේ ලොව වඩාත්ම වටිනා ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් නම් කර තිබෙනවා.
CricViz නැමැති ක්‍රිකට් විශ්ලේෂණ ආයතනය සමග එක්ව පළ කර ඇති ක්‍රීඩකයන් 30කින් සමන්විත මේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලාංකික හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්.
මෙම ලැයිස්තුව 2000 වසරේ සිට 2020 දක්වා කාලය ඇතුලටහ් ක්‍රිකට් දත්ත ඇසුවෙන් සකසා තිබෙනවා.
මුරලිගේ ටෙස්ට් කඩුළු 800න් 573ක්ම 2000 ජනවාරි 1 සිට 2010 දක්වා කාලය තුළ තරඟ 85කදී ලබා ගෙන තිබීම විශේෂත්වයක්.
ක්‍රීඩකයන් විසින් තරඟ කෙරේ සිදු කල බලපෑම අනුව මේ ලැයිස්තුව සකසා තිබෙනවා.
මේ පිළිබඳ අදහස් දැක්වූ CricViz විශ්ලේෂකයෙක් සඳහන් කළ ආකාරයට මුරලි සහ ග්ලෙන් මැක්ග්‍රාත් වඩාත් බලපෑම්සහගත පන්දු යවන්නන් වනවා.