රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එය එක් නීති රාමුවක් යටතට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ආර්ථික වශයෙන් කඩා වැටුණු ශ්‍රී ලංකාව යළි ගොඩනඟමින් සිටින මෙම අවස්ථාවේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට නම් නව අධ්‍යාපන ක්‍රමයක් කඩිනමින් රටට හඳුන්වා දිය යුතු බවයි උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයටම සරසවියක් වන ආකාරයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී 4.4% ක සුළු අඩුවීමක් සිදුව ඇති බව මහ බැංකුව පවසනවා.
ඒ අනුව මෙරට නිල සංචිත වත්කම් 2023 ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 සිට 2023 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වා 4.4%කින් අඩුවී ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.
චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම යටතේ සපයා ඇති ඩොලර් බිලියන 1.4 ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
නව දුෂණ විරෝධි පනත මේ මස 15 වනදා සිට ක්‍රියාත්මක කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
ඒ සඳහා අදාළ ගැසට් පත්‍රය ද ඉදිරියේ දී පළ කිරීමට නියමිත බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
දැනට පවතින අල්ලස් නීතිය ක්‍රියාත්මක වූයේ රාජ්‍ය අංශයට හා දේශපාලඥයන්ට පමණක් බවත්, නව පනත තුළින් පෞද්ගලික අංශයේ දූෂණ සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කිරීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
සලෙයිගේ අතීතය බැලුවම එයා මේක කරා කියලා මං විශ්වාස කරනවා – සරත් ෆොන්සේකා
පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සහිත Channel 4 වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව Channel 4 නවතම වැඩසටහන 2005 සිට පැවති රාජපක්ෂ පාලනයට මඩ ගැසීම අරමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයක් බවයි හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ.
ඇතැම් පුද්ගලයින් දේශපාලනික ස්ථාවරයක සිට තමන්ට චෝදනා එල්ල කළ ද, තමන් රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමානු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම කර ඇති බවද ඔහු සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
සම්පූර්ණ නිවේදනය පහතින්.




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහාය ඇතිව, ප්‍රහාරයේ සියලු අංශ ආවරණය කෙරෙන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීය යුතු බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.
රජය නව සත්‍ය සෙවීමේ යාන්ත්‍රනයක් යෝජනා කළද, සත්‍ය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවන අතර වරදකරුවන්ට දඬුවම් ලබාදීමට ප්‍රමාණවත් යාන්ත්‍රණයක් ලබාදීමට සියලුදෙනා කැපවිය යුතු බවත්, ඒවා ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලන අධිෂ්ඨානයක් තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
මහජන විරෝධතාවලින් බලාපොරොත්තු වූ ආකාරයේ ශ්‍රී ලංකා පාලන තන්ත්‍රයේ පරිවර්තනයක් සිදුව නොමැති බවත්, මේ නිසා දිගු කලක සිට පවතින අභියෝගවලට විසඳුම් සැපයීම තවදුරටත් පමා වන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
ශ්‍රී ලංකාව අඛණ්ඩව වගවීමකින් තොරව කටයුතු කරමින් සිටින බවද, මෑත කාලීනව මානව හිමිකම් උල්ලංඝණය හා අනිසි ලෙස බලය භාවිතා කිරීම රට තුළ දැකගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සඳහා නව කුලපතිවරයෙක් පත්කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් මස 09 වනදා සිට බලාත්මක වන පරිදි මහාචාර්ය ජයන්ත බලවර්ධන ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, පුත්තලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය වෙත කැඳවා තිබෙනවා.
ලබන 12 වෙනිදා උදෑසන 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ පෙනී සිටින ලෙසයි කොටුව මහෙස්ත්‍රාත්වරයා ඔහුට දැනුම්දී ඇත්තේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් භාවිතා කරන උපකරණ සහ දේශීය සහල් නිෂ්පාදනය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර තිබෙනවා.
Twitter පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ බව නිවේදනය කර තිබෙනවා.
අදාළ Twitter පණිවිඩය පහතින්.
