දුෂණ විරෝධී පනතේ විධිවිධාන මේ මස 15 වැනිදා සිට බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින්.
මෙම පනත බලාත්මකවීමත් සමග අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ඊට අදාළව ක්‍රියාත්මක වන බවද, එම කොමිසම සඳහා නව සමාජිකයින් පත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පවසනවා.
අදිසි හස්තයක් මේ තුළ ක්‍රියාත්මක වුණු බව දැන් පැහැදිලි වේගන එනවා – කාදිනල් හිමි
මඩකලපුව-ත්‍රිකුණාමලය මාර්ගයේ ඕටමාවඩි දුම්රිය හරස් මාර්ගය අසල සිදු වූ රිය අනතුරකින් 13 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
පෞද්ගලික බස්රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
යතුරුපැදියේ ගමන් කරමින් සිටි 13 හැවිරිදි දැරිය අනතුරින් බරපතළ තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, යතුරුපැදිය ධාවනය කරමින් සිටි පුද්ගලයාද බරපතළ තුවාල ලබා එම රෝහලේම ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.
පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක් කළ Channel 4 වාර්තා වැඩසටහන හරහා එල්ල කරන ලද සාහසික චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
කෙසේ නමුත්, ඕනෑම පුද්ගලයකුගේ හෝ ආයතනයක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බව ද, ගවේෂණාත්මක මාධ්‍යවේදී කාර්යයේ වැදගත්කම තහවුරු කරන බවද ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.
Channel 4 නාලිකාව මඟින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නඟින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාකයක් සඳහා Channel 4 වගකිව යුතු බව ද ආරක්ෂක අමාත්‍යාංශය මෙම නිවේදනය මඟින් අවධාරණය කරනවා.
සම්පූර්ණ නිවේදනය පහතින්.

ඊයේ (08) රාත්‍රියේ මොරොක්කෝ රාජ්‍යයේ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
භූ කම්පනයෙන් හේතුවෙන් පුද්ගලයන් 296 ක් ජීවිතක්ෂයට පත් ව ඇති බවද, පුද්ගලයන් 153 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.
මොරොක්කෝවේ මාරකේෂ් ප්‍රදේශයට නිරිත දෙසින් කිලෝමීටර් 71ක් දුරින් වූ හයි ඇට්ලස් කඳුකරයේ, කිලෝමීටර් 18.5ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සැබෑ විමර්ශනයක් සිදුකරමින් සිටියදී සිරගත කරන ලද ශානි අබේසේකරට නැවත එම විමර්ශනය භාර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද විශ්වාසය දිනාගත් අවංක නිලධාරියෙක් බවයි ඔහු සඳහන් කළේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බෙදීමක් තිබෙන්නේ සත්‍යය කුමක්දැයි කියා සොයන කණ්ඩායමක් සහ සත්‍ය සඟවන්නට උත්සාහ දරණ කණ්ඩායමක් අතර බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (08) සිය සහතිකය සටහන් කර තිබෙනවා.
ඒ අනුව 2023 අංක 14 දරන දේශීය ආදායම් සංශෝධන පනත සහ 2023 අංක 15 සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත වශයෙන් මෙම පනත් දෙක අද සිට බලාත්මක වන බවයි සඳහන් වන්නේ.
මෙම පනත් කොටුම්පත් දෙක සම්බන්ධයෙන් විවාදය පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේදී පැවති අතර ඊයේ පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
බේරේ වැව පිරිසිදු කිරීමේ නව ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව වසර 20 ක් සඳහා බලපැවැත්වෙන මෙම නියමු ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන මුදල ඩොලර් මිලියන 3 ක් බවයි සඳහන් වන්නේ.
මෙම ව්‍යාපෘතියේ මූලික ප්‍රාග්ධන ආයෝජනය සහ තාක්ෂණික දැනුම ජපානයේ පෞද්ගලික ආයතනයක් විසින් ලබාදෙන අතර මෙම ව්‍යාපෘතිය යටතේ ජලය පිරිසිදු කරන යන්ත්‍ර 40 ක් ස්ථාපිත කිරීමට නියමිතයි.
සෞඛ්‍ය අර්බුදයට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළකරමින් එළඹෙන 22 වනදා දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කළේ, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සිය ජීවිකාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් එක්ව මෙම විරෝධතාව සංවිධානය කරන බවයි.
ආණ්ඩුව සෞඛ්‍ය සේවය නොසලකා හැරීම හේතුවෙන් ජනතාව සමඟ එක්ව මෙයට පිළිතුරු සෙවීමට සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ආයුර්වේද පනත සංශෝධනය මඟින් ආයුර්වේද ඔසු වගා කිරීම සඳහා අවශ්‍ය අවසරය ලබාදුන් බවද, ඒ හරහා කංසා වගා කිරීම සඳහා අවසර හිමිවන බවද දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.
ඒ අනුව වාණිජමය වශයෙන් ඔසු වගාව සිදුවිය යුතු අතර ඖෂධීය කංසා සම්බන්ධයෙන් අදාළ නීති රාමුව තුළ දක්වා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඖෂධීය කංසා වගා වැඩසටහන ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සමඟ ඒකාබද්ධව සිදුකරන බවත්, මෙම අවසරය හරහා මෙරට විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවද ඔහු සඳහන් කළා.
ආයුර්වේද නීති සංග්‍රහය, ඖෂධීය ශාක සහ නීතිමය රාමුවක් ගැසට් නිවේදනයක් මඟින් ඉදිරි සති කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවද මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.