වර්ජනය හේතුවෙන් දුම්රිය වහලක් මත නැග පැමිණි මගියෙක් ඇද වැටී මරුට

අද ක්‍රියාත්මක දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රියක වහලයක් මත නැග පැමිණි මගියෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ වහලය මත නැග පැමිණි මගියෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මහනුවර සිට කොටුව බලා ධාවනය වූ කාර්යාල දුම්රියට ඔහු රාගමින් ගොඩවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

64ffe67d987b8 64ffe67da6146 64ffe67db07a8
දුම්රිය රියැදුරන් පිරිසක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය 20 ක් පමණ අවලංගු කිරීමට සිදුවීම හේතුවෙන් දුම්රිය ස්ථානවල දැඩි මගී තදබදයක් හටගෙන තිබුණා.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක​ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවයි මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම එම වෛද්‍ය විද්‍යාලවලට ආරෝග්‍යශාලා තුනක් ද ඇතුළත් කර තිබෙන බවත් වැඩිදුර වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි දරුවන් සඳහා 10%ක ප්‍රතිශතයක සිසුන්ට ශිෂ්‍යත්ව ලබාදෙන ලෙසට මෙම විශ්වවිද්‍යාලවලින් තමා පෞද්ගලිකව ඉල්ලීමක් කර තිබෙන බවත් ඒ සඳහා ඔවුන් කැමැත්ත පළකල බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

64ffd51a9189dpdf_page_1 64ffd51a65bdepdf_page_0

කොළ​ඹ දුම්රිය අංගන සේවකයින් වැ​ඩ වර්ජනයක

කොළඹ පිහිටි දුම්රිය අංගන වල දුම්රිය සේවකයන් විසින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් මේ වන විට අංගන වල සිට ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි සඳහන් වන්නේ.

ගතවූ දින 10 තු​ළ ඩෙංගු රෝගීන් 900 ක්

සැප්තැම්බර් මාසයේ ගතවු දින 10ක කාලය තුළ පමණක් ‍ඩෙංගු රෝගීන් 900කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණ ද පවතින වැසි තත්ත්වයත් සමග යළිත් මදුරු ගහනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි හි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළේ.

පසුගිය මාසයේත් මෙම මාසයේත් දත්ත අනුව රෝගීන්ගේ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බවත් මේ වන විට දිනට රෝගීන් 100 ත් 125 ත් අතර පිරිසක් වාර්තා වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අද (11) ජිනීවා නුවරදී ආරම්භ වනවා.

අද ආරම්භ වන මෙම සැසිවාරය අනිද්දා දක්වා පැවැත්වීමට නියමිත අතර චෙක් ජනරජයේ තානාපති වැක්ලෙව් බැලෙක් විසින් මෙවර සැසිවාරයේ ප්‍රධානත්වය දැරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායමේ ප්‍රධානත්වය ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක විසින් දැරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මානව හිමිකම් පිළිබඳ ඔහුගේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා.

දියර කිරි ප්‍රචලිත කිරීමේ නියමු ව්‍යාපෘතිය අද ආරම්භ වෙයි

කොළඹ නගරය ආවරණය වන පරිදි ජංගම කිරි අලෙවි රථ මගින් පාරිභෝගික ජනතාවට දියර කිරි බෙදාහැරීමේ වැඩසටහනක් අද (11) සිට ක්‍රියාත්මක වනවා.

ලංකාව තුළ දියර කිරි ප්‍රචලිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස එය සිදුකරන බවයි පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් සඳහන් කළේ.

ජංගම රථවලින් පාරිභෝගික ජනතාවට අවශ්‍ය කිරි මිලදී ගැනීමේ හැකියාව පවතින බවත්, ඉදිරියේදී දිවයින පුරා ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Online වංචාවක් සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුවත් කිරීමක්

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර, මහජනතාවගේ බැංකු කාඩ්පත් තොරතුරු සොරාගන්නා වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

තම නිල වෙබ් අඩවිය කිසිඳු Online ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බවයි තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ.

සැක සහිත SMS පණිවිඩ වල අඩංගු Links ක්ලික් කිරීමෙන් වළකින ලෙසද, සැක සහිත වෙබ් පිටුවල බැංකු කාඩ්පත් තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින ලෙසද මෙම වංචාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකරන LankaPay ජාතික ගෙවීම් ජාලය දැනුම් දෙනවා.

64fede157ebea

මඩකලපුවට ඊසානදිග මුහුදේ භූ කම්පනයක්

මඩකලපුව වෙරළට කිලෝමීටර් 310ක් ඔබ්බෙන් වූ ඊසානදිග ගැඹුරු මුහුදේ අද (11) අලුයම 1.30ට පමණ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඒ අනුව රික්ටර් මාපකයේ ඒකක 4.65ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ.

මොරොක්කෝවේ භූ කම්පාවෙන් ජීවිතක්ෂයට පත්වූවන් සංඛ්‍යාව 2,000 දක්වා ඉහළට

මොරොක්කෝවේ ඊයේ (09) හටගත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 2,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍යය පවසනවා.
සිදුවීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාවද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් 1,400ක් පමණ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මෙම භූකම්පනය රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ලෙස වාර්තාවී තිබුණා.

ආනයනික අර්තාපල් බද්ද මාස 04 කට දීර්ඝ කිරීමට තීරණය කෙරේ

ආනයනික අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් මාස 04ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් මස 08 වැනි දින සිට ඉදිරි මාස 04ක කාලයට ද ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ආනයනික අර්තාපල් සඳහා මේ වසරේ මාර්තු මස 08 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.