කොකේන් කිලෝ 4ක් සමඟ කෙන්යානු ජාතිකයෙක් අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කෙන්යානු ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව දෝහා සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අදාළ කෙන්යානු ජාතිකයා බිස්කට් ටින් 03ක අසුරා තිබු කොකේන් කිලෝග්‍රෑම් 04ක් සමඟ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 300ක් පමණ වන අතර සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාරදීමට නියමිතයි.

හෙට හෙද විරෝධතාවක්

රහසිගතව හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාමාර්ගයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට හෙට (26) විරෝධතාවක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.

එහි සභාපති එස්.බී. මැදිවත්ත සඳහන් කළේ, හෙද සේවක හිඟය හේතුවෙන් රෝහල් තුළ හටගෙන ඇති අර්බුදය විසඳීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බලධාරීන් හෙද ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පතක් රහසිගතව සකස් කර ඇති බවයි.

මේ වනවිට රෝහල් රැසක හෙද පුරප්පාඩු පවතින බවත් මෙම සියලු කරුණුවලට එරෙහිව හෙට (26) දහවල් 11.00 ට හෙද හෙදියන්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සුපිරි වෙළෙඳසැල්වලට පොලීසියෙන් දැනුම්දීමක්

සුපිරි වෙළෙඳසැල් ඇතුළු ඕනෑම අලෙවි ආයතනයක සොරකම් හෝ වෙනත් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවන්නේ නම් එම පාර්ශව ආරක්ෂක නිලධාරීන් හරහා පාලනය කර පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය පවසනවා.

ඒ අනුව භාණ්ඩ සොරකම් කළ වරදට, නීතියට පටහැනිව කිසිවෙකුට පහරදීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.

එසේ පහරදීමක් සිදුකළහොත් සැකකරුවන් ලෙස එම ආයතනයේ සේවය කරන පුද්ගලයින්ද අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

මෙම මාසයේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව පසුගිය දිනවල පැවති වර්ෂාපතනයත් සමඟ එම මාසයේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 2,003 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය සඳහන් කරන්නේ.

මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,881 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බංග්ලාදේශයෙන් ගත් ණය සම්පූර්ණයෙන් ගෙවා දමයි

ශ්‍රී ලංකාව විසින් මූල්‍ය හුවමාරු පහසුකමක් ලෙස බංග්ලාදේශයෙන් ලබාගත් සම්පූර්ණ ණය මුදල ගෙවාදමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා (21) ඉතිරිව තිබූ ඩොලර් මිලියන 50 ද ගෙවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකාව විසින් මූල්‍ය හුවමාරු පහසුකමක් ලෙස බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක් ලබාගත් අතර එම ණය මුදල සඳහා වන ඩොලර් මිලියන 4.5ක පොලියද ගෙවා දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සුළඟ නිසා බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළට දැඩි හානි

අයහපත් කාලගුණය හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

අද පස්වරු 5 පමණ සිට පවතින අධික සුළඟ හා වර්ෂාව හේතුවෙන්  බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළයට මෙලෙස හානි සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන සඳහා මෙයිිින් බලපෑමක් සිදු වී නැති අතර සාමාන්‍ය පරිදි ධාවන කටයුතු සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

650d81da3102a 650d81da25726 650d81da1b78b 650d81da1171d (1) 650d81da06f37

ආනයනික කිරිපිටි බද්ද 10% කින් ඉහළට

ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද 10% කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

කෙසේ නමුත් මේ හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදු නොවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

සමාජ මාධ්‍ය මර්ධනය තුළින් මෙරට ඇතැම් ව්‍යාපාර බිඳ වැටෙන්න පුළුවන් – චිරන්ත අමරසිංහ

අණ පනත් හරහා සමාජ මාධ්‍ය මර්ධනයට උත්සාහ කිරීම තුළ ඇතැම් ව්‍යාපාර බිඳ වැටීමට ලක්විය හැකි බව ‘නිදහස සුරකින්නෝ’ සංවිධානය පවසනවා.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති චිරන්ත අමරසිංහ සඳහන් කළේ, එලෙස සමාජ මාධ්‍ය නියාමනයට කටයුතු කළහොත්, අදාළ සමාජ මාධ්‍ය ජාලා ලංකාවෙන් ඉවත්වීමට පවා හැකියාව ඇති බවයි.

සමාජ මාධ්‍ය හරහා දියුණු වෙමින් පවතින ස්වයං රැකියා සහ ව්‍යාපාර රැසක් ඇති බවත්, මෙලෙස සමාජ මාධ්‍ය නියාමනයට කටයුතු කිරීම තුළින් පරිශීලකයන් ඒවායින් ඉවත්වීම හරහා අදාළ ව්‍යාපාර බිඳ වැටීමට ලක්විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

ශ්‍රීලනිප මහලේකම්ට එරෙහි වාරණය ඔක්තෝබර් 6 වනදා දක්වා දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායකට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ නඩුවක් අද (22) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ වාරණ නියෝගය දීර්ඝ කිරීමට තමා විරුද්ධ වන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා දැනුම්දුන් අතර විරෝධතාවලට යටත්ව අදාළ වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කිරීමට ද විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ශ්‍රීලනිප මහලේකම්ට එරෙහි වාරණය ඔක්තෝබර් 6 වනදා දක්වා දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් කෙරුණු සරත් ඒකනායකට එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ නඩුවක් අද (22) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ වාරණ නියෝගය දීර්ඝ කිරීමට තමා විරුද්ධ වන බව විත්තිකාර මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා දැනුම්දුන් අතර විරෝධතාවලට යටත්ව අදාළ වාරණ නියෝගය ඔක්තෝබර් මස 06 වනදා දක්වා දීර්ඝ කිරීමට ද විනිසුරුවරයා නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.