2009 විදුලිබල පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාව කඩිනම් කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා. එසේම අතුරු ගාස්තු සංශෝධනයක් පිළිබඳ කැබිනට් ඉල්ලීම අතීතයට බලපාන අයුරින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය මතය විමසීමට කොමිසම තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
Category: business
Business
මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබාදී තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.
රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, වී මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබා ඇති බවයි සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

දෙසැම්බර් මාසයේ උද්ධමනය සාපේක්ෂ අඩු වීමක් – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයට සාපේක්ෂව අඩුවී තිබෙනවා.
ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ 65% ක් වූ මෙරට උද්ධමනය දෙසැම්බර් මාසයේ 59.2% ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එසේම නොවැම්බර් මාසයේ 69.8% ක් ලෙස වාර්තා වු මෙරට ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 59.3%ක් දක්වා පහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පසුගිය වසර හත තුළ රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 29,000 ඉක්මවයි
2015 ජනවාරි 01 වනදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රජය විසින් විදේශ රටවලින්, නියෝජිතායතනවලින් සහ බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 29,922ක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.
එම කාලය තුළදී මෙරටට ලැබී ඇති ප්‍රදාන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 349ක් බවත් අදාළ වාර්තාවේ දැක්වෙනවා.
එම ණය සහ ආධාර ඒවා ලබාගත් නිශ්චිත අරමුණු වෙනුවෙන් භාවිතා කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
සම්පුර්ණ වාර්තාව පහතින්,


බදු අඩු කළොත් බිත්තර මිල අඩු කරනවා – බිත්තර නිෂ්පාදකයින්
කුකුළු ගොවිපළවල් සඳහා ආනයනය කරන ඖෂධ සහ ආහාර වර්ග සඳහා රජය විසින් අයකරන බදු ඉවත් කරන්නේ නම් බිත්තරයක් රුපියල් 40 ක මිලකට ලබාදිය හැකි බව බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
ඒ අනුව එහි සභාපති නිලේෂ් රූපසිංහ පෙන්වා දෙන්නේ ඩීසල් පෙට්‍රල්, වී කුඩු, පුන්නක්කු සහ බඩඉරිඟු මිලද ඉහළගොස් ඇති බවත් බිත්තර මිල සඳහා මේවාද බලපා ඇති බවයි.
ඇතැම් පිරිස් බිත්තර ආනයනය කිරීමට සූදානම් වන්නේ කොමිස් ලබා ගැනීමේ අරමුණ ඇතිව බවයි බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.
2023 වසරේ අපේක්ෂිත බදු ප්‍රමාණය රු. බිලියන 1667ක් – දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්
2022 වසරේ එකතු කරන ලද බදු ප්‍රමාණය රු. බිලියන 860 කට ආසන්න බවත් 2023 වසර සදහා අයකර ගැනීමට අපේක්ෂිත බදු ප්‍රමාණය රු. බිලියන 1667ක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
මෙම වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින් බවත්, එම මුදල රු.
බිලියන 603ක් බව වන අතර එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රු බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරන බවද වැඩිදුරටත් සඳහන්වනවා.
2023 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික හැකිලීම 4.2% කට සීමා වේවි – ලෝක බැංකුව
2023 වසරේ මෙරට ආර්ථික හැකිලීම 4.2% කට සීමාවනු ඇති බව ලෝක බැංකුව පවසනවා.
2022 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 9.2% කින් හැකිළීමට ලක්ව තිබෙන බවයි 2023 වසර සඳහා ලෝක බැංකුවේ ගෝලීය ආර්ථික දැක්ම ඉදිරිපත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.
ආහාර සහ ඉන්ධන, ණය සේවාකරණය සඳහා අවශ්‍ය විදේශ විනිමය නොමැතිවීම නිසා හටගත් අර්බුදය හේතුවෙන් මෙලෙස ආර්ථිකය හැකිළීමට ලක්ව ඇති බවයි ලෝක බැංකුව ප්‍රකාශ කළේ.
වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක ආර්ථික ස්ථායිකරණය කිරීමේ වැඩසටහනත් සමඟ අර්බුදයේ ප්‍රතිවිපාක සහ දරිද්‍රතාවය ඉහළ ගොස් පසුගිය දශකය තුළ රට තුළ ලැබූ වර්ධනයන් ආපසු හැරවීමට ලක්ව තිබෙන බවයි එම වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ.
2024 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1% වර්ධනයක් ලඟා කරගනිමින් වර්ධනීය මාවතට අවතීර්ණ වනු ඇති බවද ලෝක බැංකුව වැඩිදුරටත් පවසනවා.
ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් ශ්‍රී ලංකාවට දුන් ණය අවලංගු කළ යුතුයි – ආර්ථික විද්වතුන්
ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා එම ණය ලබා දුන් ණය හිමියන් විසින් ඒවා අවලංගු කළ යුතු බව ජාත්‍යන්තර විද්වතුන් පිරිසක් පවසනවා.
ආර්ථික විශේෂඥයින් 182 දෙනෙකු නිවේදනයක් ද නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙරට බාහිර ණයවලින් 50% ක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගෙන ඇති එම ණය හිමියන් මේ වනවිටත් විශාල ලාභයක් උපයා ඇති බවත් ඔවුන් එම ලාභ උපයා ඇත්තේ අවදානම් සාධකය ද සහිතව බැවින්, ශ්‍රී ලංකාව ණය ගෙවීම් නතර කිරීමේ ප්‍රතිඵලය ද විඳගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම ශ්‍රී ලංකාවට වඩාත් කඩිනම් අවශ්‍යතාවක් ඇති මොහොතේ සිය වගකීම් ඉටුකරමින් නිසි ප්‍රතිචාර දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව වැනි බහුපාර්ශ්වික ආයතන ද අපොහොසත් වී ඇති බව ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් විසින් පෙන්වාදී තිබෙනවා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට ඇති ණය කපා හරිමින් හෝ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය වෙමින් ණය හිමියන් ඇතුළු සියලු පාර්ශ්වයෙන් ශ්‍රී ලංකාවට සහාය විය යුතු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්,

කොළඹ ආර්ථික මධ්‍යස්ථානවල බිත්තරයක් රුපියල් 55 කට අලෙවි වෙයි
කොළඹ ආර්ථික මධ්‍යස්ථානවල බිත්තරයක් රුපියල් 55 කට අලෙවි වන බව එහි සිටින වෙළඳුන් පවසනවා.
බිත්තර 119,000 කට වැඩි ප්‍රමාණයක් වැලිසර ආර්ථික මධ්‍යස්ථානයට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයෙන් ලබාදුන් බවයි වෙළඳුන් සඳහන් කරන්නේ.
ඒ අනුව බිත්තර නිෂ්පාදකයින් විසින් රුපියල් 53 ට ලබාදෙන බිත්තරයක් රුපියල් 55 ක මුදලකට අලෙවි කරන බවද වෙළඳුන් ප්‍රකාශ කළා.
කෙසේ නමුත් කොළඹ තදාසන්න ප්‍රදේශවල බිත්තර රුපියල් 60 ත් 65 ක් අතර මුදලකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් සඳහන් කරන්නේ.
මෙරට බැංකුවක් ඉන්දියානු රුපියල්වලින් ගනුදෙනු කිරීමට වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කරයි
මෙරට බැංකුවක් ඉන්දීය රුපියල්වලින් ද්විපාර්ශ්වික වෙළඳාම් සිදු කිරීම සඳහා එරට වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කළ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
ඒ අනුව State Bank of India හි දකුණු ආසියානු කලාපීය ප්‍රධානී Vikas Goel සමඟ මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයා සාකච්ඡා කළ බවයි මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ Twitter පණිවිඩයේ දැක්වෙන්නේ.
අදාළ Twitter පණිවිඩය පහතින්,

