https://youtube.com/watch?v=-JUR2TGv-DI
Author: uslanka
Easter Sunday Commission and Legal aspects
https://youtube.com/watch?v=6g6JYfkhBy8
Weekly Politics: Imran Khan’s Visit
https://youtube.com/watch?v=u1CuCBHpVLE
Legal Radar with U R De Silva on Gender Equality
https://youtube.com/watch?v=5KKWDSQdCGI
Justice for Ranjan Ramanayake
https://youtube.com/watch?v=NeHo5oRPLUw
විමල්ට මොකද වෙන්නෙ?
https://youtube.com/watch?v=SN5ns8596LM
Boston Lanka Traveler Ep 01
https://youtube.com/watch?v=_bYZa5By9Rw
“රන්ජන් ගැන දැන්ම තීන්දු ගන්න එපා”
රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් 12 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණය අද (05) පාර්ලිමේන්තු මහලේකම්ට නියෝග කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූණි.
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් රංජන් රාමනායක මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
2020 අගෝස්තු 05 මහමැතිවරණයෙන් සමගි ජනබලවේගට පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් තමාට ඉකුත් ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව සිර දඩුවම් නියම වුවද ඉන් දින 4 කට පසුව ඉකුත් 19 වැනිදා තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නට පළමු වගඋත්තරකාර පාර්ලිමේන්තු මහලේකම්වරයා කටයුතු කරන බව තොරතුරැ මගින් දැන ගන්නට ලැබුණු බවද ඔහු කියා සිටී.
එසේ කළහොත් එය නීතිවිරෝධී බවත් , පාර්ලිමේන්තු මහලේකම්වරයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද රංජන් රාමනායක මහතා සිය රිට් පෙත්සමින් ඉල්ලා තිබිණි.
රන්ජන් රාමනායක අගුණුකොලපැලැස්සට
අධිකරණයට අපහාස කිරීම නිසා සිව් වසරක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වූ රන්ජන් රාමනායක අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙනවිත් තිබෙනවා.
ඒ මීගමුව – පල්ලන්සේන රැඳවුම් මධ්‍යස්ථානයේ නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් පසුවයි.
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රන්ජන් රාමනායක අද දහවල් තම බන්ධනාගාරයට රැගෙන ආ බවයි.
අධිකරණයට අපහාස කිරීම ඇතුලු චෝදනා කිහිපයකට වරදකරු වූ ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගියදා බරපතල වැඩ සහිත සිව් වසරක සිරදඩුවමක් නියම කළා.