මෙරට විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 07 කට රතු බිල්

සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් ලක්ෂ 65 ක් පමණ නිසි පරිදි විදුලි බිල් නොගෙවන බවද, ලක්ෂ 7 කට පමණ රතු බිල් නිවේදන නිකුත් කර ඇති බවද විදුලි බල මණ්ඩලය පෙන්වා දෙනවා.

සමස්ත විදුලි පාරිභෝගික ප්‍රමාණයෙන් රතු නිවේදන නිකුත් කරනු ලබන්නේ 10% පමණ මට්ටමේ ප්‍රතිශතයක් සලකා බලා බවත්, එයින්ද විදුලි විසන්ධි කිරීම දක්වා යොමු වන්නේ 1% කට පමණක් බවත් ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ පවසනවා.

විදුලි බිල අඩු වූවත්, වැඩි වූවත් බිල නොගෙවන පිරිසක් සිටින බවද, විදුලි බිල් නොගෙවා සිටීම අද ඊයේ ඇතිවූ දෙයක් නොව, සැමදා පැවතුනු දෙයක් බවද ඔහු පවසා සිටිනවා.

විදුලි බිල වැඩිවීමෙන් යම්කිසි අපහසුතාවයක් ඇති බව සැබෑ නමුත් මේ ආදායම එකතු කරගත යුතු බවත්, බිල් වැඩි කර ඇත්තේ ආදායම වැඩි කරගැනීමට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අර්ජුන ඉවත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නව ක්‍රීඩා කවුන්සිලයක් පත්කරයි

ජාතික ක්‍රීඩා කවුන්සිලය සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් නව සාමාජිකයින් පිරිසක් පත්කර තිබෙනවා.

ඒ අනුව එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15 ක් පත්කර ඇති අතර එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

මීට පෙර ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පත්කර තිබුණා.

656da0c69cf29

හන්තානේ අතරමං වූ වෛද්‍ය සිසුන් පිරිස බේරාගැනේ

හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

ඒ අනුව පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් ඔවුන් අතරමංව සිට ඇති බවයි සඳහන් වන්නේ.

පසුව යුද හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් පසු ඔවුන් පිරිස මුදාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගීත නිර්මාණ රැසක් සංගීතවත් කල ප්‍රවීණ සංගීතවේදී ආනන්ද ගමගේ මහතා අභවප්‍රාප්ත වී තිබෙනවා.

තාර පාර දිග පාට පාට කඩ, කටු අකුලේ මල් ඇහැරේ, පහන තියා බුදු සාදුට ආදී ජනප්‍රිය ගීත රැසක්ම ඔහු අතින් සංගීතවත් වූ අතර, අඹ යහළුවෝ ඇතුළු ටෙලි නාට්‍ය රැසකටම ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් දායකත්වය ලබාදුන්නා.

ගුරුවරයෙකු, ගුරු උපදේශකවරයෙකු හා සංගීත විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙසද මහඟු මෙහෙයක් කළ ආනන්ද ගමගේ මහතා මිය යන විට 73 වැනි වියේ පසුවුනා.

දෙසැම්බර් මාසයේ සිට බිත්තර ආනයනය නතර කරනවා – නලින් ප්‍රනාන්දු

දෙසැම්බර් මාසයේ සිට බිත්තර ආනයනය නතර කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

රු.30/- පමණ පැවති බිත්තරයක මිල පසුගිය සමයේ රු.70/- කට පමණ ඉහළ ගිය බවත්, නිෂ්පාදනය කඩා වැටීම ඊට හේතුව බවත්, එම නිසා බිත්තර ආනයනය කරන්නට සිදුවූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අද බිත්තර නිෂ්පාදනය වැඩි වී ඇති අතර, බිත්තරයක සිල්ලර මිල මේ වන විට රු.38/- කට පමණ අඩු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මාළු, චීස්, බටර් ඇතුළු භාණ්ඩ කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව භාණ්ඩ කීපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලොකු ළුෑණු, සැමන්, යෝගට්, බටර්, ඇපල්, දොඩම්, මිදි, රටඉඳි ඇතුළු භාණ්ඩ වර්ග කීපයකට 2023 දෙසැම්බර් 01 දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා බල පැවැත්වෙන ලෙස මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අය කෙරෙන බව සඳහන්.

අදාල ගැසට් නිවේදනයේ සඳහන් ආකාරයට බදු පැනවෙන ආකාරය පහතින්.

* ලොකු ළුෑණු 1Kg සඳහා රු. 10/-

* යෝගට් සහ බටර් 1Kg සඳහා රු. 2,000/-

* චීස් 1Kg සඳහා රු.1,500/-

* රට ඉඳි 1Kg සඳහා රු. 200/-

* දොඩම්, මිදි, ඇපල්, අනිකුත් පළතුරු 1Kg සඳහා රු. 600/-

* සැමන් සහ මාළු 1Kg සඳහා රු. 200/-

උත්සව සමයේ ගෑස් මිල වැඩි කරන්නේ නෑ – ලිට්‍රෝ සභාපති

එළඹෙන උත්සව සමය ගැන සලකා බලා ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

විනිමය අනුපාතය හා ජාත්‍යන්තර මිල වෙනස්වීම් සැලකීමේදී ගෑස් මිලෙහි ඉහළ දැමීමක් සිදු කළ යුතු වුවද, ගෘහස්ථ ගෑස් මිල නොවෙනස්ව පවත්වා ගෙන යෑමට තීරණය කරන ලද බවයි එහි සභාපති මුදිත පීරිස් නිවේදනය කරන්නේ.

ඒ අනුව මෙම මාසයේදී 12.5 Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3565/= ක් ලෙස පවතිනවා.

ඩයනා, සුජිත් සහ රෝහණට පැනවූ පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව සම්මත වෙයි

ඩයනා ගමගේ, සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කිරීම පිළිබඳ යෝජනාව සභානායක විසින් අද (02) සභාගත කළා.

පසුව මෙම තහනම පිළිබඳ යෝජනාව සඳහා පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වුණා.

යෝජනාවට පක්ෂව ඡන්ද 57 ක්ද, විපක්ෂව ඡන්ද එකක් ද ලැබුණු අතර, මන්ත්‍රීවරුන් තිදෙනෙක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියා.

ඒ අනුව, අදාළ තහනම් යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත වී තිබෙනවා.

සුරාසල් විවෘත කිරීමේ හා වසා දැමීමේ වේලාවන් සංශෝධනය කරනවා – රංජිත් සියඹලාපිටිය

සුරාසල් විවෘත කිරීමේ හා වසා දැමීමේ වේලාවන් සංශෝධනය කිරීම සඳහා ඉදිරියේදී සොයා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සුරාසැල් විවෘත කරන සහ වසා දමන වේලාවල් සැලකීමේදී එය අනියම් ආකාරයකින් නීත්‍යානුකූල නොවන මත්පැන් වෙළඳුන්ට කරන ආරාධනාවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.ඒ අනුව සුරාසැල් විවෘතව ඇති වේලාවන් ප්‍රායෝගිකව වෙනස් කිරීමට යෝජනා වී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

එමෙන්ම, මත්පැන් බලපත්‍ර වලට ඇති ඉල්ලුම පරිදි, රජයට ආදායමක් ගැනීම සඳහා බලපත්‍ර ගාස්තුව වැඩි කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

බස්නාහිර තැපැල් කාර්යාල කීපයක් පැය 24 ම විවෘතයි

බස්නාහිර පළාතට අයත් තැපැල් කාර්යාලය කිහිපයක් පැය 24 පුරා විවෘත කර තබන බව නියෝජ්‍ය තැපැල්පති පවසනවා.

රථවාහන වැරදි සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය මගින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා ගෙවීම් හා අනෙකුත් තැපැල් කටයුතු සඳහා මේ තැපැල් කාර්යාල විවෘතව තබන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පහත සඳහන් තැපැල් කාර්යාල පැය 24 පුරා විවෘතව පවතිනවා.

බොරැල්ලවැල්ලවත්තහැව්ලොක් ටවුන් දෙහිවලමොරටුවපානදුර කළුතර කොටහේන කොම්පඤ්ඤවීදියබත්තරමුල්ල ගල්කිස්ස නුගේගොඩ සීතාවකපුර