ATM කාඩ්පත්වලින් වංචනිකව මුදල් ලබාගත් පුද්ගලයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

55ff-krwipas2176271

පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු ඊයේ (29) කුරුණෑගල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් කුරුණෑගල නගරයේ පිහිටි බැංකුවල ATM යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයන් රවටා ATM කාඩ්පතෙහි රහස් අංකය ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පසුව ඔහු ATM කාඩ්පත වෙනත් කාඩ්පතක් සමග මාරු කර එම සොරකම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි කොටිකාපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද (30) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.