ICC CWC qualifiers Final: නෙදර්ලන්තයට ලකුණු 234 ක ඉලක්කයක්

sl-ne-final

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 48 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු‍ 233 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහන් ආරච්චිගේ ලකුණු 57 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 43 ක්, පැතුම් නිස්සංක ලකුණු 23 ක් හා චරිත් අසලංක ලකුණු 36 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Ryan Klein කඩුලු 2 ක්, Saqib Zulfiqar කඩුලු 2 ක්, හා Vikramjit Singh කඩුලු 2 ක් බිඳ හෙළිමට සමත් වුණා.

ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 234 ක්.

ලකුණු පුවරුව පහතින්.

64aa90cb6888b