ඉතාමත් ඉක්මණින් පොලිස්පති ධුරය සම්බන්ධයෙන් පත් කිරීමක් ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, පොලිස් සේවාව පිළිබඳ සියලු කටයුතු මේ වන විට දිස්ත්‍රික්ක පොලිස් ප්‍රධානීන් විසින් සිදු කරගෙන යන බවයි.
ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව ඕනෑම අවස්ථාවක කැඳවා අදාළ පත්වීම අනුමත කිරීමේ හැකියාව පවතින බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

