ICC CWC qualifiers: කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

icc-qualifier-sl

ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ (Super Six) වටයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (07) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

වනිඳු හසරංග හා ධනංජය ද සිල්වා විවේක ගන්වා ඇති අතර සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත තරගයට කැඳවා තිබෙනවා.