Threads සමාජ මාධ්‍ය ජාලය​ට එරෙහිව නීතිමය පියවර ගැනීමට Twitter සැරසෙයි

Threads

මේ වන විට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින නවතම සමාජ මාධ්‍ය ජාලය වන Threads ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සලකා බලන බව Twitter සමාගම පවසනවා.

Threads සමාජ මාධ්‍ය ජාලය බොහෝ දුරට Twitter ට සමාන වන අයුරින් Meta සමාගම විසින් නිර්මාණය කර තිබෙන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Twitter නීතීඥයින් විසින් Meta ප්‍රධානී මාර්ක් සකර්බර්ග් වෙත ලිපියක් යවා චෝදනා කර ඇත්තේ, ට්විටර් හි වෙළඳ රහස් සහ වෙනත් බුද්ධිමය දේපළ ක්‍රමානුකූලව, හිතාමතා සහ නීති විරෝධී ලෙස සහ අනිසි ලෙස පරිහරණය කරන ලද බවයි.