මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල අද (15) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර පහතින්.
* අයදුම්කරු විසින් https://www.immigration.gov.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය යුතුයි.
* කඩිනම් ක්‍රමය හෝ සාමාන්‍ය ක්‍රමය තෝරාගත යුතුයි.
* අයදුම්පත සම්පූර්ණ කර අදාළ අවශ්‍ය ලේඛණ සමඟ Upload කළ යුතුයි.
* ඡායාරූපය ලබා ගැනීමේදී ලබාදෙන අනුක්‍රමික අංකය ඇතුළත් කර අදාළ පියවරයන් අවසන් කළ යුතුයි.
* Online ගෙවීමේ පහසුකම්ද එහි සලසා ඇති අතර Online ගෙවීම් සිදු කිරීමට අපහසු පුද්ගලයින් සඳහා ඇඟිලි සලකුණු ලබාදීමේ කටයුතුවලින් පසු ලබාදෙන රිසිට් පත ඉදිරිපත් කර ලංකා බැංකුවට ගොස් ගෙවීම් සිදුකළ හැකියි.
* ඇඟිලි සලකුණු ලබාදීමේ පහසුකම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක ස්ථාපිත කර ඇති අතර එම පහසුකම ඇති තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගොස් ඇඟිලි සලකුණු ලබාදිය හැකියි.