ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ පළමු ක්රීඩක වෙන්දේසිය හෙට (14) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වෙන්දේසිය සදහා ක්රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී තිබෙන අතර අදාළ වෙන්දේසිය පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිතයි.
වෙන්දේසියේ දී එක් කණ්ඩායමකට අවම වශයෙන් ක්රීඩකයින් 16 දෙනෙකු මිලදී ගැනීම සිදුවන අතර ඒ සදහා විදෙස් ක්රීඩකයින් ද සිව් දෙනෙකු ඇතුළත් විය යුතු වනවා.
එක් කණ්ඩායමකට ක්රීඩකයින් මිලදී ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් වියදම් කළ හැකියාව පවතිනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


