ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නිළධාරීන් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව තෙල් සංස්ථාව සමග ගිවිසුම්ගත ඉන්ධන පිරවුම්හල් 1050 න් 423ක් පමණක් පසුගිය සතිය තුළ සියලුම ඉන්ධන වර්ගවල අවම ඉන්ධන තොග පවත්වාගෙන තිබූ බව මෙහිදී අනාවරණය වී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ.
එමෙන්ම ඉන්ධනහල් 255ක් කිසිදු ඉන්ධන වර්ගයක් අවම තොග පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති බවත් ඉන්ධනහල් 363ක් එක් ඉන්ධන වර්ගයක පමණක් අවම තොග පවත්වාගෙන ගොස් ඇති බවද නිරීක්ෂණය වී ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ පිරවුම්හල් හිමියන්ට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙහිදී අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.