SL vs AFG 1st ODI : ඇෆ්ගනිස්තානයට කඩුලු 6 ක ජයක්

sl-vs-afg-1st-odi

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6 ක ජයක් ලැබීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ සියලුදෙනා දැවී ලකුණු 268 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 91 ක්, ධනංජය ද සිල්වා ලකුණු 51 ක්, පැතුම් නිස්සංක ලකුණු 38 ක් හා දුෂාන් හේමන්ත ලකුණු 22 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Fazalhaq Farooqi හා Fareed Ahmad කඩුලු 2 බැඟින් බිඳ හෙළිමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 4 ක් දැවී සිටියදී 47 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉල්ලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Ibrahim Zadran ලකුණු 98 ක් හා Rahmat Shah ලකුණු 55 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුලු 2 ක් හා ළහිරු කුමාර, මතීෂ පතිරණ එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.