සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයේදී අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට චරිත් අසලංක හා ධනංජය ද සිල්වා සමත් වුණා.
ඒ අනුව චරිත් අසලංක සිය අර්ධ ශතකය සඳහා හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර ධනංජය ද සිල්වාගේ අර්ධ ශතකය සඳහා හතරේ පහර 5 ක් ඇතුළත් වුණා.
ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 183 ක් ලබා සිටිනවා.
ලකුණු 51 ක් ලබා සිටියදි ධනංජය ද සිල්වා දැවී ගියා.

