පොසොන් සතිය හෙට (31) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව හෙට සිට ලබන මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින් පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.
පොසොන් සතිය තුළ දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා දමන බවද, පොසොන් උත්සවය සැණකෙළියක් නොකරගත යුතු බවද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළා.

