ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ආයෝජකයෙකු සමඟ කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් නුදුරේදීම ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
මෑතකදී නිකුත් කළ විශේෂඥ කමිටු වාර්තාව මගින් ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අනුමැතිය ලබාදි ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඒ සඳහා ආයෝජකයින් හා විශේෂඥයන් සමග සාකච්ඡා කරමින් සිටින බවද, අදාළ ආයෝජකයින් කංසා වැවීමට පමණක් නොව අවම නිෂ්පාදනයන් සැකසිය යුතු අතර එමඟින් රටට ආදායමක් උපයා ගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

