තමාව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බව දන්වමින් ජෙරම් ප්‍රනාන්දු විසින් සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වනවා.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කොට තිබෙනවා.
එමෙන්ම ඔහු සිය පෙත්සම හරහා තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

